නයිට්රජන් සමඟ රටට ආ කාබනික පොහොර තොගය බෙදාහැරිම ඇරඹෙයි
මහකන්නය වෙනුවෙන් අවශ්‍ය දියර පොහොර ගෙන්වීමේ පළමු අදියර ලෙස ඇණවුම් කළ නැනෝ නයිට්රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක තොගයක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. ඒ ඉන්දියාවේ සිටයි.
මෙම පොහොර තොගය භාරගැනීමේ අවස්ථාවට එක් වූ මැතිඇමතිවරුන් කියා සිටියේ කුමන අභියෝග හමුවේ වුවත් කාබනික ගොවිතැන රටතුළ ස්ථාපිත කිරීම නියත වශයෙන්ම සිදු කරන බවයි.
කාබනික පොහොරවල නයිට්රජන් නොමැතිවීම ගැටලුවක්ව පැවතුණි. ඊට විසදුම් ලෙසයි නයිට්රජන් අඩංගු කාබනික දියර පොහොර ගෙන්වීමට තීරණය කළේ. යූරියා කිලෝග්‍රෑම් 50 ක කොට්ට්යක් වෙනුවට නැනෝ නයිට්රජන් මිලිලීටර් 500 ක් ඉසීම ප්‍රමාණවත් බවයි විශේෂඥයින් පවසන්නේ. ඒවායෙහි බැරලෝහ නොමැති අතර ශාක පත්‍ර මගින් ගසට උරාගැනීම සිදු වනවා.
ඒ අනුව මහකන්නය සදහා ගෙන්වීමට නියමිත නැනෝ නයිට්රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31 න් පළමු තොගයයි කටුනායක ගුවන්තොටුපල වෙත ඊයේ රැගෙන එනු ලැබුවේ. එහි බර මෙට්‍රික් ටොන් 50 ක්. ඒ සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු විශාලම භාණ්ඩ ප්‍රවාහන යානයක් යොදවා තිබුණා. තවත් ලීටර් ලක්ෂ 5 ක් මෙම සතිය තුළ ලැබීමට නියමිතයි. පළමු තොගය භාර ගැනිම සදහා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂේන්ද්‍ර රාජපක්ෂ, ඩී.වී චානක යන මහත්වරුන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියා.
මෙම දියර පොහොර තොගය අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට බෙදාදීම වත්තල හුණුපිටිය කලම්බු කොමර්ෂල් පොහොර සමාගමේදී සිදු කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ, කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
popular news
-
samson de silva Thursday, 21 October 2021 04:00 AM
Boru kiyanna epaa. Nano urea diyara kiyanne kaabanika pohora noweyi, eya rasaayanika drawyayak. Urea diyaraya wagaawanta iseema, goyam, elawalu, palathuru wagaawan mathata muthraa kireema haa samaanayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

