කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහලක් ලෙස උසස් කිරිමත් සමග රෝගින් සංඛ්‍යාව වැඩිවුවද අත්‍යවශ්‍ය පහසුකම් වැඩිවිමක් සිදුවි නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
මෙම රෝහලේ වකුගඩු රෝගින්ගේ රුධිරකාන්දුකරණය කිරිම සදහා ඇත්තේ මැෂිම් 05කි. රුධිර කාන්දුකරණය කරණ රෝගින් 42ක් 2025 වර්ෂයේ පෙබරවාරි මස වනවිටත් රෝහලෙන් ප්‍රථිකාර ලබා ගනිමින් සිටි අතර රෝහල්ගතව වෙනත් වාට්ටුවක සිටින දැඩි අවදානමක් සහිත රෝගින්ද හදිසි ප්‍රථිකාර සදහා මෙම අංශයට යොමුකරණු ලබන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
රුධිර කාන්දුකරණය කිරිමේ අවශ්‍යතාවය පවතින තවත් රෝගින් 42ක් පොරොත්තු ලේඛනගතව සිටි අතර ඉන් රෝගින් තිදෙනෙකු මියගොස් තිබුණි. රෝහල් බල ප්‍ර දේශයෙන් වාර්තා වි ඇති වකුගඩු රෝගින් අතුරින් රෝගින් 16 දෙනෙකු වෙනත් රෝහල්වලින් රුධිර කාන්දුකරණය සිදුකරණු ලබති. බල ප්‍ර දේශයේ රෝගින්ගේ ජිවිත අවදානම අවම කිරිම සදහා රුධිර කාන්දුකරණ යන්ත්‍ර වැඩිකිරිමේ දැඩි අවශ්‍යතාවයක් පැවතියද ඒ සදහා රෝහල් පරිශ්‍ර යේ ඉඩකඩ ප්‍රමාණවත් නොවිමේ ගැටළුවක් පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුලත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.