ජනපතිවරයාට හා ආණ්ඩුවට විරෝධය දක්වමින් කොළඹ ගෝල් ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතාව සඳහා ප්රවීණ ගායිකා නන්දා මාලනී හා මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා එක්වූහ.
මෙහිදී නන්දා මාලනී මහත්මිය විසින් පවන කැසට් පටයේ ගීත ගායනා කරමින් තරුණ තරුණියන්ට ආශිර්වාද කරනු ලැබීය.
'තරුණ තරුණියන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා' යැයි ඇය පැවැසුවාය.
මේ අතර ගෝල්ෆේස් අරගලයට විරෝධය දක්වමින් භික්ෂුන් වහන්සේලා පිරිසක් ඇතුළු පිරිසක් කොළඹ නෙලුම් පොකුණ රඟහල ආසන්නයෙන් විරෝධතා පා ගමනක් ආරම්භ කරනු ලැබීය. එහි සංවිධාන කටයුතු සඳහා නව පරපුරේ ගායක ඉරාජ් විරරත්න මහතාද එක්ව සිටිනු දක්නට ලැබුණි. ඒ සඳහා ඩෑන් ප්රියසාද්ද එක්ව සිටියේය.
