නන්දා මාලනී දිවිසැරිය නිම කරයි
ජාතියේ යශෝරාවය වූ අප සිංහල සංගීතයේ අග්රගන්ය ගායිකාව නන්දා මාලිනී අද දින තම දිවි සැරිය නිමා කළාය. මියයන විට 82 වැනි වියේ පසුවූ නන්දා මාලනී මහත්මිය මෙරට අතිශය ජනප්රිය ගීත රාශියක් ගායනා කළාය.
ඇය රාජ්ය හා ජනාධිපති සම්මාන 20කට අධික ප්රමාණයකින් පිදුම් ලබා තිබේ. 1943 අගෝස්තු 23 දින අලුත්ගම, ලෙවන්දූවේදී ඇය උපත ලැබුවාය. ලංකා ගුවන් විදුලියේ කරුණාරත්න අබේසේකරයන්ගේ “ළමා මණ්ඩපය” වැඩසටහන හරහා “බුදු සාදු” ගීතය ගායනා කරමින් ඇය සංගීත ලොවට පිවිසියාය.
"රන්මුතු දූව" චිත්රපටයේ "ගලන ගඟකි ජීවිතේ" ගීතයෙන් ඇරඹි සිනමා පසුබිම් ගායනය හරහා ඇය ඉමහත් ප්රසිද්ධියක් ලැබුවාය. ඇය ආදරය, ආගමික, ළමා මෙන්ම ප්රබල සමාජීය සහ දේශපාලනික අරුත් රැගත් ගීත රැසක් ගායනා කළාය.
අම්මාවරුනේ, දන්නෝ බුදුන්ගේ, රන් කෙන්දෙන් බැඳ, පූජාසනයේ ඔබ හිදුවා, රුක් අත්තන මල මුදුනේ, යදමින් බැඳ විලංගුලා වැනි සදා අමරණිය ගීත රැසක් ඇය ගායනා කළාය. 80 දශකයේ දැඩි ආන්දෝලනයකට ලක්වූ "පවන" විප්ලවීය ගීත එකතුව සහ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කළ "සින්දු හෝඩිය" ඇල්බමයද ඇයගේ ගීත දිවියේ හැරවුම් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
