නන්දලාල් වීරසිංහ වෙනුවෙන් හර්ෂ පෙනී සිටියි
ශ්‍රී ලංකාව බංකොලොත් කළේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බවට මේ වන විට ප්‍රචාරයක් යන බවත් එය අසත්‍ය බවත් පාර් ලිමේන්තු මන්ත්‍රී ආචාර් ය හර් ෂද සිල්වා මහතා පැවැසීය.
අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. " දැන් මේ කථාවක් තියෙනවා මහ බැංකු අධිපතිතුමා තමන්ට ඕනවට බලෙන් රට බංකොලොත් කළා කියලා. ඒක සම්පූර් ණ වැරදියි. කබ්රාල් එදා රට නොමග යැව්වා. එවකට අගමැතිිතුමා හමුවෙන හැම අවස්ථාවකදීම කිව්වා මේ කියන්නේ බොරු කියලා.
සබ්රි ඇමතිතුමා මට කථා කරලා කිව්වා ණය ගෙවන්න සල්ලි නෑ නෑ කියලා. අපිට ඩොලර් මිලියන දෙසිය ගණනක් ගෙවන්න තිබුණත් අතේ තියෙන්නේ ඩොලර් මිලියන 50 තියෙන්නේ කිව්වා. එතුමා විවෘතව ඇහුවේ.
ඊට පස්සේ තමයා ජනාධිපතිතුමා හා බැංකු අධිපති එක්ක කථා කරලා තීරණයේ ගත්තේ දැන් කියනවා සබ්රියි මහ බැංකු අධිපතියි එකතුවෙලා රට බංකොලොත් කළා කියලා. මොකක්ද මේ කථාව. අපි තාමත් මේ ප්‍රශ්නේ තේරුම් ගන්නේ නැතිව එකිනෙකාට බෝම්බ ගහනවානම් මේ ප්‍රශ්නෙන් එළියට එන්න බෑ"
popular news
-
sg Friday, 02 September 2022 06:37 PM
Great.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

