නඩු 665277ක් ගොඩ ගැහිලා
මෙරට මහාධිකරණ, සිවිල් අභියාචනාධිකරණ, සහ දිසා මහේස්ත්‍රාත් අධිකරණ වල නඩු හයලක්ෂ,හැටපන්දහස්, දෙසියහැත්තැහතක් (665,277) ඉකුත් වර්ෂය (2025) අවසානය වනවිට විසදිමට ඉතිරිව තිබු බව අධිකරණ සහ ජාතික එකාබද්ධතා අමාත්‍යංශය විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.
ඒ අනුව මහාධිකරණ 27 ක විසදිමට ඉතිරිව තිබු නඩු සංඛ්‍යාව 22,431කි. සිවිල් අභියාචනාධිකරණ 14ක නඩු 5,109ක් සහ දිසා මහේස්ත්‍රාත් අධිකරණ 122ක නඩු 637,737ක් විසදිමට ඉතිරිව තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. එමෙන්ම නිති විරෝධි මත්ද්‍රව්‍ය නඩු 5,589ක් සම්බන්දයෙන් රස පරික්ෂණ වාර්තා 2025 වර්ෂය අවසන්වනවිටත් අධිකරණ වෙත ලැබි නොතිබුණි. අධිකරණ 72ක් මගින් මෙම නඩුවලට අදාළ රස පරික්ෂණ වාර්තා 2025 වර්ෂයේ ජුනි මස 30 දිනට පෙර ලබාදෙන ලෙස රස පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දි තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. රස පරික්ෂණ වාර්තා ප්‍රමාදවිම නඩු විසදිම ප්‍රමාදවිමට එක් හේතුවක් බවද විගණන වාර්තාවේ සදහන් වේ.
ඉකුත් වර්ෂය අවසන්වනවිට කම්කරු විනිශ්චය සභා 39 තුල විසදිමට පැවති මුළු කම්කරු ආරවුල් සංඛ්‍යාව 4,815කි. එහෙත් විසදා ඇත්තේ ඉන් කම්කරු ආරවුල් 1,753කි. කම්කරු ආරවුල් විසදිමේ ප්‍රතිශතය සියයට 36ක අවම මට්ටමක පැවති බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.
අධිකරණයන්හි පරිපාලනය සදහා පහසුකම් සැපයිම අධිකරණ පද්ධතිය තුල යුක්තිය පසිදලිමේ ප්‍රමාදයන් වැළැක්විම ඇතුළුව සමස්ත පරිපාලනයට අදාළ සියලු කටයුතු ක්‍රමවත්ව හා කාර්යක්ෂමව ඉටුකිරිම ඒ සදහා නවින තාක්ෂණය හදුන්වාදිම අධිකරණ අමාත්‍යංශයේ කාර්යයන් බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
