ධුරයෙන් ඉවත්ව ගිය ජනපතිට වාහන 19ක් - ආහාර වෙනුවෙන් මසකට රු.950000ක්
ධුරයෙන් ඉවත්ව ගිය ජනපතිවරයා වෙනුවෙන් වාහන 19ක් ලබාදී ඇති බවත් ඔහුගේ ආහාර පාන වෙනුවෙන් මසකට රුපියල් 950000ක් පමණ රජය විසින් වැය කරන බවත් ජනපති ලේකම් කාර්යාලයෙන් තමන් ලබාගත් දත්ත අනුව පෙනෙන්නට තිබෙන බව අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වූ මාධ්‍ය වේදියෙක් ප්‍රශ්න කරනු ලැබිය.
මෙවැනි වියදම් දැරීම හේතුවෙන් රටක් බංකොලොත් නොවන්නේදැයි ඔහු කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කළේය.
"මේ පුංචි පුංචි වියදම් නෙමෙයි. මහා පරිමාණ වියදම් තිබෙනවා. ඒ වියදම් වල කිසිවක් කපා හරින්න බෑ. රජයේ සේවක වැටුප් බිල හා විශ්‍රාම වැටුප් මෙන්ම රාජ්‍ය ණය පොලී වෙනුවෙන් වූ වියදම් කපා හරින්න බෑ. සර්ව අසුබවාදී පැත්ත නිසා සුබවාදී පැත්තක් තිබෙනවා. කොයිතරම් වියදමක කපා හැර තිබෙනවද කියලා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා මම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට කියන්නම්"
popular news
-
Nandana Tuesday, 17 January 2023 11:53 AM
Munge paulata withrak ape salli kochchara masayakata yanawada Bankoloth weema aniwaryai
Reply : 0 40
Rocky Wednesday, 18 January 2023 06:38 AM
Ohu thanathura atha hera palaa giya pudgalayek.Ohuta satha pahak wath geviya yuthu nehe !! Mese aneethika waraprasaada saha Geweem anumatha karapu ayata danuwam diya yuthuyi!!
Reply : 2 41
Thilak Friday, 20 January 2023 03:44 AM
දුරයෙන් ඉවත්ව ගිය ජනාධිපතිලා කිදෙනෙක් සිටිද, මේ කොයි ජනාධිපති ගැනද විමසා ඇත්තේ? එය පැහැදිලි කිරිමක් නැත. මාධ්‍ය සාඛච්චා වලට සහභාගි වන අය ඇයි ඔයතරම් බය තමන් විමසන ලද ප්රශ්නය කාවෙනුවෙන්ද කියාවත් සදහන් කිරිමට. දුරය හැරගිය ජනාධිපති වරැන් කිදෙනෙක් නම් සිටිද.
Reply : 0 0
තිලක් Friday, 20 January 2023 03:55 AM
හිටපු ජනපති කියා කිවට කොයි කෙනා ගැනද විමසා ඇත්තේ, හිටපු ජනාධිපති වරැන්ගෙන් අඩුම වියදමක් රජය ගෙවා ඇත්තේ ඝොටාඝය මහතා සහ විජේතුංග මහතාට පමනයි. එයිනුත් ඝොටාඝය මහතා තනතුරේ සිටින කල වාහන 19 ක් තියා 9 ක් වත් ඔහුගේ රාජකාරි සදහා යොදවාගෙන නැතුව ඇති.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

