ධුරයෙන් ඉවත්වන්නැයි ජනපති අරුන්දිකට කියයි?
රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට පහරදීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට ධුරයෙන් ඉවත් වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.
අදාළ පහරදීමේ සිදුවීම පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවත්, පරීක්ෂණ අවසන් වනතෙක් රාජ්‍ය අමාත්‍යවරයාට තනතුරුවලින් ඉවත් වන්නැයි ජනාධිපතිවරයා දන්වා ඇති බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් පොල් සංවර්ධන අධිකාරියට අයත් වාහනයක් හා රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අරුන්දික ප්‍රනාන්දු මහතා කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය, ඒ ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.
popular news
-
Gamarala Thursday, 03 February 2022 04:22 AM
Just for a while. Then all are nidoskota nidahas. Dont worry arundika.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

