දිවයිනට නැගෙනහිර හා ඊසාන දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බවත් සුළං වේගය ක්ෂණිකව (පැයට කිලෝමීටර් 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති බවත් ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම අනතුරු ඇඟවීම මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශය සඳහා අදාළ වෙයි.