ධීවර සංස්ථාව පිටින් ගත් මාලුවලට රු. කෝටි 600ක් ණයයි
ලංකා ධිවර සංස්ථාව විසින් බාහිර පාර්ශවයන්ගෙන් මිලදි ගනු ලැබු මසුන් සදහා එම පාර්ශවයන්ට රුපියල් හැටකෝටි හැත්තැපන්ලක්ෂ,තිස්හයදහස්,නමසියතිස්හතයි ශත විසිතුනක (607,536,937.23ක මුදලක් ගෙවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
බාහිර පාර්ශවය සදහා ගෙවිය යුතු මෙම ණය මුදල අතර දැනට වසර දෙකකට වඩා අධික කාලයක සිට ගෙවිමට ඇති ණය මුදල රුපියල් දාසයකෝටි,විසිලක්ෂ,පහළොස්දහස් දෙකක් (162,015,002) බවද විගණන වාර්තාවේ සදහන් වේ. මේ අතර සංස්ථාව විසින් රාජ්‍ය බැංකුවක් සදහා ඉකුත් වර්ෂයේ (2025) මාර්තු මස 31 දින වනවිට පහළොස්කෝටි,අසුහයලක්ෂ,විසිතුන්දහස් දෙසිය අටක (158,623,208) ණය මුදලක් ගෙවිමට තිබුණි.
එදිනට එම ණය මුදල සදහා ගෙවිය යුතු පොලි මුදල රුපියල් නමකෝටි අසුලක්ෂ,පන්දහස්නමසිය අසුටක් වු අතර . (98,005,988) බැංකු අයිරා මුදල රුපියල් අටකෝටි, විසිදෙලක්ෂ,හැත්තැනමදහස්,පන්සියදාසයකි. (82,279,516) බැංකු ණය සදහා භාණ්ඩාගාරය ඇප වි තිබුණි. එමෙන්ම බැංකු අයිරා පහසුකම් දෙකක් වෙනුවෙන් ශිතකරණ සහිත ලොරිරථ 44ක්, ඇතුල්කෝටියේ සහ කුරුණැගල ගැට්ටුවාන පිහිටි ඉඩම් දෙකක් ඇප ලෙස තබා තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. බැංකු ණය අයිරා ශේෂය නියමිත පරිදි නොගෙවිම හේතුවෙන් හිගව පැවති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මාලු මිලදි ගැනිම වෙනුවෙන් වු ණය මුදල පියවිම සම්බන්දයෙන් ධිවර සංස්ථාවේ අවධානය යොමුවි නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. සංස්ථවේ මුල්‍ය තත්ත්වය යහපත්වු පසු වසර දෙකට වඩා වැඩි කාලයක් ගතවි ඇති ණය මුදල් ගෙවිමට කටයුතු කරණ බවද සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත එමෙන්ම ආයතනයේ පැවති මුල්‍ය දුෂ්කරතාවය හේතුවෙන් මෙම බැංකු ණය මුදල ගෙවිමට නොහැකි වි ඇති බවද සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත. මේ පිළිබද අදාළ බංකුවේ කළමණාකාරිත්වය සමග සාකච්ඡාකරමින් පවතින අතර මේ පිළිබද ඉල්ලිම් ලිපයක් ධිවර නියෝජ්‍ය ඇමතිවරයා වෙත ඉදිරිපත් කොට ඇති බවද සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
