පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය හා ධීවර වරායන් 22 ක විදුලිබල පද්ධතිවලට සූර්ය කෝෂ පද්ධති සවිකොට ඒ තුලින් විදුලිබලය පිරිමැසීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, ධීවර අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුලු නිලධාරීන්ට අද (08දා) අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදි උපදෙස් ලබා දී තිබේ.
වර්තමානයේ පවතින විදුලිබලය පිළිබදව ගැටළු වලට විසදුමක් ලෙස සූර්ය කෝෂ පද්ධති සවිකිරීම තුලින් විදුලි බල ශක්තිය ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීම සදහා යම් දායකත්වයක් දැරිමට හැකියාව ලැබෙන බැවීන් විශාල භූමිභාගවල පැතිරී ඇති ධීවර වරායන් වල ගොඩනැගිලි හා පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය තුළ සූර්ය කෝෂ සවිකිරීම අතිශය වැදගත් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ සදහා ශ්‍රී ලංකා සුනිත්යබල අධිකාරීයේ සහයෝගය ලබාගන්නා ලෙසද උපදෙස් දී ඇත.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා සුනිත්‍ය බල අධිකාරීයේ සභාපති රංජිත් සේපාල මහතා ඇතුලු නිලධාරීන් සහභාගි වු අතර මෙම සූර්යය බල පද්ධති සවිකිරීමේදි සුනිත්යබල අධිකාරීයේ සම්පූර්ණ සහයෝගය ද ලබාදෙන බවට ඒ මහතා පැවසීය.