ධීවර කර්මාන්තයේ නියතු ධීවරයන්ගේ අවධානය කළමණාකරණය කරමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය වඩාත් සතුටුදායක තත්ත්වයකට ගෙන ඒමේ අපේක්ෂාව මුල් කර ගනිමින් සයුර නමින් විශේෂ හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්රමයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වාදී තිබේ.
රු. 1850. 2450.3050 යන වාර්ෂික වාරික මුදල් කාණ්ඩ යටතේ පිළිවෙළින් රුපියල් 1 200 000, රු 1 500 000 හා රු 2 000 000 යන ආවරණ මට්ටම් යටතේ ධීවරයින් ලබා ගැනීමට අවස්ථාව තිබේ. අවම වාරික මුදලක් යටතේ උපරිම ආවරණයක් සළසා දීම මෙම හදිසි
අනතුරු රක්ෂණ යෝජනා ක්රමයේ බලාපොරොත්තුවයි.