මෙරට ධිවර කර්මාන්තයේ නියැලෙන බහු දින යාත්‍රා සදහා සහන මිලට ඉන්ධන ලබා දිමට අවශ්‍ය වැඩ පිලිවෙලක් සකස් කිරිම පිලිබද විශේෂ සාකච්ඡාවක් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ ඉන්දියන් ඔයිල් සමාගමේ (ioc) නියොජිතයන් අතර ධීවර අමාත්‍යංශයේදි පැවැත්විණි.
මේහිදි අදහස් දැක් වු ඉන්දියන් ඔයිල් සමාගමේ (ioc) නියොජිතයන් කියා සිටියේ දැනට ඛණිජ තෙල් සංස්ථාව මගින් ලංකාවේ ධීවර වරායන් තුල පවතින ඉන්ධන පිරවුම් හල් සදහා ඉන්ධන නිකුත් කිරිමේ මිල සංසන්දනය කර එම මිලට වඩා සහන මිලකට ඉන්ධන නිකුත් කිරිමට හැකි යාව පවතින බව ප්‍රකාශ කරන ලදී.
තවද දැනට වරයන්වල තිබේන ඉන්ධන හල් ඛණිජ තෙල් සංස්ථාව සතුවන අතර එම ඉන්ධන හල් සදහා සිය සමාගමේ ඉන්ධන ලබා දිමට කටයුතු කිරිමේදි ගැටුම් ඇතිවිය හැකි බැවින් ධීවර වරයන් තුළ සමාගමට වෙනම ඉන්ධන හලක් පවත්වා ගෙන යාමට ඉඩ ලබා දෙන්නේ නම් ඩිසල් ඉන්ධන රු.351 ක මිලකට ලබා දිමට ඇති හැකියාව සොයා බලන බව නියොජිත පිරිස අමාත්‍යවරයාට පෙන්වා දෙන ලදි.
මෙහිදි අදහස් දැක්වු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා රට තුළ බහු දින ධිවරයන් මෙන්ම එක් දින ධීවරයන් දැඩි අපහසුතාවයට පවත්වා ඇති බැවින් ඔවුන්ට ඉන්ධන සහනයක් ලබාදිම සිදු කල යුතුව ඇති බව පැවැසීය.
මේ සදහා ඉන්දියන් ඔයිල් සමාගමේ සහයොගය අපේක්ෂා කරන අතරම ඛණිජ තෙල් සංස්ථව සමග ගැටුමක් ඇති නොකර ගෙන කටයුතු කිරිමට තමන් ඛනිජ තෙල් අමාත්‍යංශය තුලින් ලබා දිය හැකි සහයෝගය ලබා ගැනිමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසිය.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශ ලේකම් ඉන්දු රතනායක මහත් මිය ඉන්දිය ඔයිල් සමාගමේ නියොජිතයන් මෙන්ම ධීවර දෙපාර්තුමෙන්තුවේ අධ්යක්ෂ ජ්නරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුලු පිරිසක් සහභාගි විය.