ධීවරයන්ට පහසු ඉහල විශ්රාම වැටුප් ප්රතිලාභ ක්රමයක්
ධීවරයින් සඳහා ඉහළ විශ්රාම වැටුප් ප්රතිලාභ ක්රමයක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් මේ වනවිට හඳුන්වාදී ඇත.
මෙම ධීවර විශ්රාම වැටුප් යෝජනා ක්රමය යටතේ, ධීවරයින්ට ඊට දායකවීමේ හැකියාව හා කැමැත්ත අනුව විශ්රාම වැටුප් යෝජනා ක්රමයට එක්වීමට අවස්ථාව හිමි වනබව වැඩිදුරටත් සඳහන්වෙයි.
එහිදී රුපියල් 5,000, රුපියල් 10,000, රුපියල් 15,000, රුපියල් 20,000, රුපියල් 25,000 හෝ ඊට වැඩි ආදි වශයෙන් තම හැකියාව මත වයස අවුරුදු 60 න් පසුව මාසිකව ලබා ගත හැකි ඕනෑම විශ්රාම වැටුප් යෝජනා ක්රමයකට දායක විය හැකි බව සඳහන්වෙයි.
වයස අවුරුදු 60 න් පසුව එළඹෙන එක් එක් වයස් සීමාවන් තුළ විශ්රාම වැටුප් වැඩි වන අතර, එනම් මාසිකව රුපියල් 1,000 විශ්රාම වැටුපකට දායක වුවහොත් වයස අවුරුදු 64 - 70 දක්වා 1,250 ක විශ්රාම වැටුපක්, වයස අවුරුදු 71 - 77 දක්වා රුපියල් 2,000 හා අවුරුදු 78 න් පසුව රුපියල් 5,000 ක විශ්රාම වැටුපක් ලෙස ලබා ගැනීමට හැකිවන ලෙස වැඩිවන බව තවදුරටත් සඳහන්වෙයි. (I J)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

