ගෙන්වන ලද බොරතෙල් නැවෙහි තෙල් ගොඩ බෑම මේ වන විට සිදුවන බවත් මෙය ගොඩබා පිරිපහදු කිරීමෙන් අනතුරුව ඉදිරි දින කිහිපය තුළ මේ රටේ ධිවර ප්‍රජාවට අවශ්‍ය භූමිතෙල් ඇතුළු ඉන්ධන සියල්ල ලබා දීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අද (18දා) යාපනයේ සිට මාධ්‍යය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේය.
මාස ගණනාවක සිට ඉන්ධන නොමැතිව ධිවරයන් විදින දුක් වේදනා තමන් සහ ජනපතිවරයා ද තේරුම් ගෙන සිටින බවත් නමුත් රට විශාල ආර්ථික අභියෝගයට ලක්වීම නිසා මෙවැනි තත්වයක් උදා වු බව පැවසූ අමාත්‍යවරයා තවත් දින කිහිපයක් ඉවසීමෙන් කටයුතු කරන ලෙසද සමස්ථ ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින අතර බොරතෙල් නැව පිරිපහදු කිරීමෙන් අනතුරුව ධීවර ප්‍රජාවගේ ඉන්ධන අවශ්‍යතාව ඉටු කිරීමට හැකිවන බවද පැවසීය.
තවද පෞද්ගලික අංශය මගින් ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන ගෙන ඒමට කටයුතු සකස් කරමින් පවතින බවද එසේ ලැබීමෙන් පසු ධීවර ප්‍රජාවට ඉන්ධන ගැටළුවක් ඇති නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.