ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් රථ 273ක් නැවත ධාවනයට
අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම අද (31) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී සිදු විය.
දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා මේ බස් රථ යොදා ගනු ලැබේ.
ප්‍රවාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ අදහසක් අනුව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ උපදේශකත්වයෙන් වැඩසටහන ක්‍රියාවට නැංවිණ.
බිඳ වැටී තිබූ ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා නව රජය බලයට පත්වීමෙන් පසු වාහන ආනයනය සීමා කරනු ලැබීය. ඒ නිසා මගී ප්‍රවාහනය සදහා අවශ්‍ය බස් රථ හිඟයක් ඇති විය. ඊට පිළියමක් ලෙස ආරම්භ කළ මේ ව්‍යාපෘතිය මගින් බස් රථ ආනයනය සඳහා වැයවන විනිමය ඉතිරි කර ගැනීමට හැකි වෙයි.
දිවයින පුරා ඇති ඩිපෝ 107ක සම්පූර්ණයෙන්ම ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 273ක් අලුත්වැඩියා කර ඇති අතර වැය කළ මුදල රුපියල් මිලියන 115කි.
ශ්‍රී ලංකා පොදු ප්‍රවාහන සේවක සමිතියේ පූර්ණ සහය ඇතිව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝ හා ලක්දිව ඉංජිනේරු සමාගම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මකය.
බස් රථවල ගුණාත්මක ප්‍රමිතිය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් සමග සුහද කථා බහක නිරත වෙමින් ඔවුන් දිරිමත් කළේය.
ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.
popular news
-
Kumar Thursday, 31 December 2020 10:13 PM
This kind of thing happened in 1970. Only thing I can say is that the employees didn't do due diligence because of politics. How can Sri Lanka ever prosper. This is the reason why lots of people look for government jobs. Do nothing and get paid at the end of the month.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
