අම්බලන්ගොඩ ධීවර වරායෙන් මුහුදු ගිය යාත්රාවක් හික්කඩුව ප්රදෙශයට ආසන්න මුහුදු සීමාවේදී දිය රැළකට හසුවී අනතුරකට ලක්ව ඇතැයි පොලීසිය පවසයි.
මෙම යාත්රාවේ පුද්ගලයන් 11 දෙනෙක් ගමන් කර ඇති අත ඊයේ (19දා) පස්වරු 5.45ට පමණ මෙම පිරිස තම ඥාතීන් අමතා සිය යාත්රාව අනතුරට පත්ව ඇති බව පවසා ඇත.
පසුව රාත්රී 9.00ට පසු දුරකතන සබඳතා බිඳ වැටී ඇත. නාවික හමුදාව යාත්රාව සේවීමේ කටයුතුවල නිරත වෙයි.