ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී හෙට (21දා) දිවුරුම් දීමට නියමිතය.
ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරයේද ඉදිරියේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉවත්වීමෙන් පුරප්පාඩු වූ එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ධම්මික පෙරේරා මහතා මෙලෙස පත්කිරීමට නියමිතය.