ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සිදුවීම රටේ විනයක් නැතිකමේ එක් ප්‍රතිඵලයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදි පැවැසීය.
අද (08දා) පාර්ලිමේන්තුවේද අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“දැන් යනවා ධනුෂ්ක ගුණතිලකගේ සිදුවිමක්. ඒ සිදුවීම මේ රටේ සිදුවුණ පළමු වැනි සිදුවිම නෙමෙයි. මිට කලින් ඔස්ට්‍රේලියාවේ ගිහින් එහෙම වැඩ කරපු ඇමතිවරුත් හිටියා. මෙය පළමු සිදුවීමත් අවසන් සිදුවීමත් නොවෙයි.
මෙ සිදුවීමේන් අප ගත යුත්තේ කුමක්ද? මේ රටේ විනයක් නැතිකමේ එක් ප්‍රතිඵලයක් තමයි ඒ. රට නියෝජනය කරන ක්රීඩකයන්ගෙන එක්කෙනෙක් එහෙම හැසිරෙන කොට රටේ තියෙන විනය තමයි එතනදී විදහා පාන්නේ.
මේක එක පැත්තකින් අධ්‍යාපන ක්රමයේ වරදක්. මේ වන විට ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර වැඩිවෙලා තියෙනවා”