යහපාලන කාලය තුළ මිලදි ගත් ඇතැම් දුම්රිය මැදිරි සහ එන්ජින්වල දෝෂ ඇති බවත් එම දෝෂ සකසා කඩිනමින් ධාවනය සඳහා යොදවන බවත් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
අමාත්‍යවරිය මෙම කරුණු අවධාරණය කලේ කටුනායක සිට මීගමුව දක්වා අලුතින් ඉදිකල නව ද්වීත්ව දුම්රිය මාර්ගය ධාවනයට භාරදීම සඳහා මීගමුව දුම්රිය ස්ථානයේදි අද (16) පැවැති උත්සවයකදි ය.
එම මිලදි ගැනිම් පිළිබඳව සියලු විස්තර වාර්තාවක් ජනාධිපතිතුමාට සහ රජයට ඉදිරියේදි ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදි පැවැසිය.
“මීගමුව ද්වීත්ව මාර්ගය ඉදිවීම තුළින් දුම්රිය සේවාවන් දෙගුණයක් දක්වා වැඩි කිරිමට හැකි වී තිබෙනවා. එමෙන්ම කොළඹ සිට මීගමුව දක්වා ධාවන කාලය විනාඩි 40කින් අඩු කිරිමට පුළුවන්කම ලැබි තිබෙනවා. මෙම මාර්ගයේ ධාවනය සඳහා නවීන පහසුකම් ඇති මැදිරි සහිත බලවේග කට්ටලයක් අද සිට ආරම්භ කරනවා.
මෙම නව සේවාව තුළින් කාර්යාලයීය සේවාවන්හි නියුතු ජනතාවට ප්‍රබෝධමත් දුම්රිය සේවාවක් ලබා ගැනීමට හැකිවෙනවා. මෙහි වායු සමීකරණ කල මැදිරියක්ද සම්බන්ධ කර තිබෙනවා.
ඉදිරියේදි මෙවැනි දුම්රිය සේවාවන් කිහිපයක් කළුතර - කොළඹ , වේයන්ගොඩ - කොළඹ, අවිස්සාවේල්ල-කොළඹ යන නගර අතර යෙදවීමටද දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
මේ වනවිට දුම්රිය සේවාව ලාභ උපයන ආයතනයක් බවට පත් කිරිමට අමාත්‍ය මණ්ඩලයෙත්, මුදල් අමාත්‍යාංශයේත් උපදෙස් ලැබිලා තිබෙනවා. ඒ සඳහා දෙපාර්තමේන්තුව මගින් විශේෂ වැඩපිළිවෙලක් සකසා තිබෙනවා.”
මොරටුව රේඛා තරංගනි ෆොන්සේකා
