මෙරටට දෛනිකව පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව 5,000කට ආසන්න වී තිබේ. ඒ අනුව මෙම වසරේ පෙබරවාරි 12වැනිදා දක්වා පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාව පසුගිය සෙනසුරාදා (12දා) වාර්තා වූ අතර, එදින මෙරටටපැමිණි සංචාරකයන් සංඛ්‍යාව 4,776කි.
මෙම මාසයේ මුල් දින 12 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් ගණන 39,621කි. දෛනික පැමිණීම් පිළිබඳ සලකා බැලීමේදී පෙබරවාරි 12වැනිදා සංචාරකයන් 4,776දෙනෙකු පැමිණ ඇති අතර, පසුගිය 05වැනිදා සංචාරකයන් 4,087දෙනෙකු පැමිණ තිබේ.
සංචාරකයන් වැඩි වශයෙන් මේ දිනවල මෙරටට පැමිණෙන්නේ යුරෝපා රටවලින් වන අතර, ඒ සඳහා යුරෝපා රටවල් ආශ්‍රිතව සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා රජය ක්‍රියාත්මක කළ විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් හේතු වී ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
ප්‍රංශය, රුසියාව වැනි රටවල ගුවන් සමාගම් මෙරට සමග ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමද මේ තත්ත්වයට හේතු වීඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි. මේ දිනවල ශීත කාලගුණය සහිත රටවල සංචාරකයන් මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා මෙම ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.