දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය බදුවලින් නිදහස් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව ඔක්තොම්බර් මස 7වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
මේ අනුව දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පොලිඑතලීන් පටල සහ පොලිප්‍රොප්ලීන් පටල යටතේ වර්ගීකරණය වන අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ දී බදුවලින් නිදහස් කර තිබේ.
අදාළ භාණ්ඩ කර්මාන්ත විෂය භාර අමාත්‍යංශ ලේකම්ගේ නිර්දේශ මත රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යටතේ බදුවලින් නිදහස්ව ආනයනය කිරීමට හැකියාව මේ තුලින් සැපයෙන බව සඳහන්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශීය සනීපාරක්ෂක තුවා වල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් අදාළ නිෂ්පාදනවල අමුද්‍රව්‍යවල බදු ඉවත් කිරීමට පසුගිය සතියේ තීරණය කරනු ලැබීය.
ඒ අනුව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර මේ හේතුවෙන් සනීපාරක්ෂක තුවාවල මිල ගණන් අඩුවනු ඇති බව වාර්තා වේ.