දේශීය වෛද්‍යවරයාව ඝාතනය කළ යාචකයා වසරකට පසුව අත්අඩංගුවට
මුදල් ඉල්ලා නොදුන්නැයි උරනව දේශීය වෛද්‍යවරයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර පලා ගොස් සැඟව සිටි යාචකයා වසරකට පසු නාවල සුපිරි වෙළෙඳ සැලක් අසලදී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක් වූයේ තලංගම, තලාහේන පොතුඅරාව ප්‍රදේශයේ පදිංචිව සිටි සෙනරත් නිශ්ශංක පෙරේරා නැමති 54 හැවිරිදි දේශීය වෛද්‍යවරයෙකි.
ඝාතනයට ලක්වූ වෛද්‍යවරයා 2022 අප්‍රේල් මස 26 වැනි දින තලවතුගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට පැමිණ පිටවීමේදී සැකකාර යාචකයා මුදල් ඉල්ලා ඇවිටිලි කර තිබූ බව පොලිසිය කියයි.
මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණ වූ යාචකයා සඟවාගෙන සිටි තියුණු ආයුධයකින් වෛද්‍යවරයාට පහර දීමෙන් අනතුරුව පලාගොස් තිබිණි.
අපරාදය සිදු වූ ස්ථානයේ සුපිරි වෙළඳසැලේ සීසීටීවී දර්ශන අනුව සැකකරු හඳුනාගෙන තිබූ නමුත් සැකකරු තලංගම පොලිස් වසම හැර පලා යාම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.
සැකකරු වැලිකඩ පොලිස් වසමේ සුපිරි වෙළෙඳ සැල අසල රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව ඊයේ ( 23දා) පොලිස් කණ්ඩායමක් සිදුකළ වැටලීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හතළිස් පස් හැවිරිදි පන්නල මාකදුර පදිංචිකරුවෙකි.සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
popular news
-
Kumar Wednesday, 24 May 2023 03:53 PM
Ehwagay ayata polisiya marenakala Gahanna nadda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

