ලක්වින් ඒවියේෂන් (පුද්ගලික) සමාගම දේශීය ගුවන් ප්‍රවාහන සමාගමක් ලෙස මගී සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති හෙයින් එයට අදාල මෙහෙයුම් බලපත්‍රය (Air Operator Certificate – AOC) නිකුත්කිරීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය කටයුතු කර ඇත.
මෙම බලපත්‍රය නිකුත් කිරීමේ දී ප්‍රධාන වශයෙන් ගුවන් සුරක්ෂිතතාවය සහ ආරක්ෂාව පිළිබඳව ඉහළ අවදානයක් යොමුකරන අතර එහිදී එම සමාගම සතු ගුවන්යානා, සංවිධානාත්මක ව්‍යූහය, සුදුසුකම්ලත් අත්දැකීම් සහිත මෙන්ම නිසි පුහුණුව ලත් කාර්යමණ්ඩලය, නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය උපාංග සහ වෙනත් සේවාවන් සැපයීමේ හැකියාව වැනි කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් තක්සේරුවකට ලක්කරන්නට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ගුවන්සේවා පරික්ෂකවරුන් කටයුතු කර ඇත.
කොවිඩ් තත්වය හමුවේ යම් පසුබෑමකට ලක්වූ ගුවන් ප්‍රවාහන කර්මාන්තය, යලි සක්‍රීය වීමත් සමග මෙරටට පැමිනෙන විදේශිය සංචාරකයන් මෙන්ම අභ්‍යන්තර ගුවන් ගමන් වල නිරතවීමට අපේක්ෂා කරන ශ්‍රීලාංකිකයන් ඉලක්ක කරගනිමින් දේශිය ගුවන්තොටුපොල වෙත ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කිරීමට ලක්වින් ඒවියේෂන් (පුද්ගලික) සමාගම අපේක්ෂා කරයි.