දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල යෝජනාවලට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය අද (30) හිමිවිය.
බහුතර සාමාජික මන්ත්‍රීවරු පිරිසක් ඊට අනුමැතිය පළ කළහ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනා සම්මතයරජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේදී දෙවැනි දිනටත් අද (30) සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙසේ අනුමැතිය පළවිය.
එම රැස්වීමේ මුල් වටයට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
කාරක සභාව බැංකු ඇතුළු අනෙකුත් මූල්‍ය අරමුදල් සහ ආයතන හිමියන් සමඟ දෙවැනි සාකච්ඡා වටය පැවැත්වීය. මේ අනුව යෝජනා සම්මතය සංශෝධනවලට යටත්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කාරක සභාව අනුමැතිය දුන්නේය.