නව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
හෝමාගම ප්‍රදේශයේ පදිංචි යූ එස් රණවීර නැමැත්තෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත. එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබුණි.
නව පනත මගින් ගෙවාගත නොහැකි වන ආකාරයේ බදු බරක් මහජනයා මත පැටවෙන බවත් ඒ තුළින් මහජනතාව දැඩි ආර්ථික අර්බුදයකට ලක්වන බවත් පෙත්සම්කරු පවසයි
මේ හරහා අපනයන, දේශීය කර්මාන්ත, සංවර්ධන කටයුතු වැනි ක්ෂේත්‍ර අධෛර්යමත් කිරීමක් සිදුවන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ.