දේශිය හා විදේශිය ණය සඳහා පොලි ගෙවිමට වැය වු මුදල අඩුවෙලා
දේශිය හා විදේශිය ණය සදහා පොලි ගෙවිමට මෙම වර්ෂයේ (2026) මුල්මාස අට තුලදි රුපියල් බිලියන 1,609.2 මුදලක් වැයවි ඇති අතර එය ඉකුත් වර්ෂයේ (2025) මෙම කාලසිමාවට සාපේක්ෂව සියයට 4.6ක අඩුවිමක් බව අයවැය ආර්ථිකය හා මුල්‍ය තත්ත්වය පිළිබද වාර්තාවේ සදහන් වේ.
ඉකුත් වර්ෂයේ (2025) මුල්මාස අට තුලදි දේශිය හා විදේශිය ණය සදහා පොලි ගෙවිමට රුපියල් බිලියන 1,687.6ක මුදලක් වැයකොට තිබුණි.
දේශිය ණය සදහා වන පොලිගෙවිම 2025 වර්ෂයේ පළමු මාස අටෙහි රුපියල් බිලියන 1,466.5ට සාපේක්ෂව 2026 වර්ෂයේ මෙම කාලය තුල රුපියල් බිලියන 1,389.7 දක්වා සියයට 5.2කින් අඩුවි ඇත. විදේශිය ණය සදහා වන පොලිගෙවිම් 2025 වර්ෂයේ පළමු මාස අටෙහි වු රුපියල් බිලියන 221.1ට සාපේක්ෂව 2026 වර්ෂයේ මෙම කාලසිමාව තුලදි රුපියල් බිලියන 219.5 දක්වා සියයට 0.7කින් අඩුවි ඇති බවද මෙම වාර්තාවේ සදහන්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
