පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව හෙට(23දා) රැස්වීමට නියමිතව තිබේ.
ඒ අනුව හෙට සිට ලබන 25 වැනිදා දක්වා දිනපතා පෙ.ව 9.30ට වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුනක්ගෙන් සාක්ෂි ලබා ගැනීමට සඳහා පරීක්ෂණ කමිටුව හමුවට කැඳවා ඇත.
මෙම දින 03 තුළ සාක්ෂිකරුවන් 15 දෙනෙකු කමිටුව හමුවට පැමිණීමට නියමිත බව වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංජය වීරවික්රම මහතා කමිටුවට දන්වා සිටියේය.