දේශපාලනිකව උසිගැන්වූ පිරිස් කළ ප්රචණ්ඩත්වය හෙළා දකින බවත් ප්රචණ්ඩත්වයෙන් වර්තමාන ගැටලු නොවිසදෙන බවත් සන්සුන්ව කටයුතු කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
සිය විටර් ගිණුමෙන් ඔහු මේ බව ප්රකාශ කළේය.
"දේශපාලන පක්ෂපාතීත්වය නොසලකා උසිගන්වන ලද පිරිස් විසින් සිදු කරනු ලබන ප්රචණ්ඩ ක්රියා තරයේ හෙළා දකිමු. ප්රචණ්ඩත්වය වර්තමාන ගැටලු විසඳන්නේ නැත.
සන්සුන්ව සහ සංයමයෙන් කටයුතු කරන ලෙස මම සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමි. මේ අර්බුදය විසඳීමට සියලු දෙනාම එක්ව කටයුතු කරන ලෙස මම ඉල්ලා සිටිනවා "