යාපනය වඩමාරච්චි නැගෙනහිර කට්ටෙයිකාඩු ප්රදේශයේ පිහිටි කතොලික දේවස්ථානයක දේව මාතාවට පළඳවා තිබූරන් ආභරණ ඊයේ (17දා) කිසියම් පිරිසක් විසින් සොරකම් කොට ඇතැයි මරඳන්කේනි පොලීසිය පවසයි.
දේවස්ථානයේ වාර්ෂික දේව මෙහෙය පසුගිය 14 සහ 15 යන දිනයන්හි පැවත්වුනු අතර එම දිනයන්හි වාර්ෂික දේව මෙහෙය වෙනුවෙන් විශාල පිරිසක් සහභාගී වූ බවටත් එයට සහභාගී වූ යම් පිරිසක් අදාල රන්ආභරන සොරකම් කරන්නට ඇති බව පොලීසිය සැක පල කරයි.
දේව මාතාවට පළඳවා තිබූ රන් ආබරණ සොරගත් පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර දේවමාතාවට හානියක් සිදුවී නොමැති බවටත් රණ් ආබරණ පමණක් අතුරුදහන් වී ඇති බවට දේවස්ථානයේ පූජකවරුන් විසින් පොලීසියට පැමිණිළි කොට ඇත.
සොරාගත් රණ්ආබරණ රුපියල් ලක්ෂ 30 කට ආසන්න වන බවටත් සැකකරුවන් සොයා මේ වන විට පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇතැයිද මරඳන්කේනි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
