දෙළුම් ආනයනය සඳහා වසරකට රු.මිලියන 900ක් පමණ වැය වන බවත්, ඒ අනුව එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා අක්කර බාගයකින් රු. ලක්ෂ 60ක් පමණ උපයා ගතහැකි දෙළුම් ප්‍රභේද 02ක් හඳුන්වා දීමට නියමිත බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.
අමාත්‍යාංශය පෙන්වා දුන්නේ ගසක ආයු කාලය වසර 30ක් පමණ වන, එසේම වසර පුරා ඵල හට ගන්නා, මෙම එක් ගසකින් වරකට කිලෝග්‍රෑම් 10ක පමණ අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.
ඒ අනුව මෙම ප්‍රභේද නිර්දේශ කිරීම ඉදිරි මසක කාලයක් තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බෝග නිදහස් කිරීමේ කමිටුව විසින් සිදු කිරීමට නියමිත අතර එම කමිටුවෙහි නිර්දේශ ලද වහාම ප්‍රභේද සඳහා නම් තැබීමට නියමිත බවද සඳහන්ය.
මේ වනවිට මෙම දෙළුම් ප්‍රභේද නොරොච්චෝලෙයි ප්‍රදේශයේ සාර්ථකව වගා කර ඇති අතර, ඉන් ඉහළ අස්වැන්නක් මෙන්ම ගොවීන්ට හොඳ ආදායමක් උපයා ගත හැකි බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව මෙම නව දෙළුම් ප්‍රභේද වගා කිරීමට යෝග්‍ය ප්‍රදේශ හදුනාගැනීම සඳහා ක්ෂේත්‍ර පර්යේෂණ සිදු කෙරෙමින් පවතී.
අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ අන්තර්ජාතික වශයෙන්ද ඉහළ ඉල්ලුමක් ඇති මෙම දෙළුම් ප්‍රභේද එළඹෙන වසරේ මුල් කාර්තුව තුළ ගොවීන්ට වගා කිරීම සඳහා අවස්ථාව ලබා දීමට සැලසුම් කර ඇති බවයි.