දෙහිවල වෙරළ තීරයේ අනවසරයෙන් ඉදිකර ඇති දැනට ඩුබායි රටට පලාගොස් සිටින මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුට අයත් සුපිරි හෝටල් පරිශ්‍රයක් ඉකුතා (01) වන දින වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තුව පොලිස් ආරක්ෂාව මැද කඩා ඉවත් කිරීම සිදුකරනු ලැබිණි.
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක "යුක්තිය මෙහෙයුම " වැඩ සටහනට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් උපයන මුදල් යොදවා විවිධ ව්‍යාපාර සිදුකරන බවට අනාවරණය කර ගැනීමෙන් පසු දෙහිවල වෙරළ තීරයේ
ඉදිකර ඇති සුපිරි පන්නයේ හෝටල් පරිශ්‍රය නිරීක්ෂණය සදහා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයාන් මාරපන මහතා ඇතුලු පොලිස් නිලධාරීන් ඉකුත් (20) වන දින ස්ථානීය පරීක්ෂණය සිදුකර එය 1981 අංක 57 දරණ වෙරළ සංරක්ෂණ පනතට අනුව හදුනාගනු ලැබීය.
අනතුරුව එම අනවසර ඉදිකිරීම කඩා ඉවත් කිරීමට කටයුතු කරන.ලෙස .ගල්කිස්ස කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය මහතා ඇතුලු නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙනු ලැබීය .
ඒ අනුව ක්‍රියාත්මක වූ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණකරන දෙපාර්තමේන්තුව පොලීසියේ හා කැරලි මර්දන ඒකකයේ නිලධාරීන්ගේද ආරක්ෂාව යටතේ ඉකුත් (01) වන දින බැකෝ යන්ත්‍ර යොදාගන කඩා ඉවත් කිරීම සිදු කරනු ලැබිණි .
මෙම අවස්ථාවට නියෝජ්‍ය පොලිස්පති ගයාන් මාරපන, නුගේගොඩ, කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ජේ.පී.එස් ජයමහ , ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය, පොලිස් අධිකාරී 1 රෝහාන් පුෂ්පකුමාර, ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා, දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතා ඇතුලු ගල්කිස්ස, දෙහිවල , කොහුවල , ඇතුලු පොලිස්ථානවල නිලධාරීන් හා කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් සහභාගිවී සිටියහ .



