දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කූඩුවක සිටි රුපියල් ලක්ෂ එක හමාරකට ආසන්න වටිනාකමකින් යුත් නිල් මාල ගිරවකු 2021 මැයි මසහත්වන දින සිට අතුරුදන්ව ඇති බවට සත්වෝද්‍යාන නිළධාරීන් විසින් දෙහිවල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව දෙහිවල ජාතික සත්වෝද්‍යාන ප්‍රකාශකයෙකු පැවසීය.
අනුව මේ සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පොලීසිය කියයි.
පසුගිය කොරෝනා වසංගත සමයේ රටවසා තිබූ කාලයේ සේවක පිරිස් සේවා අවශ්‍යතා මත සතියෙන් සතිය සේවාමුර ක්‍රමයට රාජකාරි සඳහා වාර්තා කෙරුණ අතර 2021 මැයි මස 8 වෙනි දින ආරම්භක සතියේ නිල් ගිරවුන් කූඩුව භාර ගනු ලැබූ සේවකයා විසින් නිල් මාල ගිරවකු අඩුවී ඇති බවට සත්ව භාරකරුට දැනුම් දීමෙන් පසු ඔහු විසින් තම කාර්යාලීය දෛනික වාර්තා පොතේද සටහනක් තබා මේ පිළිබඳව පාලනාධිකාරිය වෙත ලිඛිතව දැනුම් දී ඇත.
එවක පාලනාධිකාරිය මේ පිළිබඳ විමර්ශනයක් සිදු නොකිරීම පිළිබදව මේ සම්බන්ධයෙන් තමන් විසින් අවස්ථා ගණනාවක දීම පාලනාධිකාරියෙන් විමසීම් කළ ද ඔවුන් මුනිවත රකිමින් සිටිනුද දක්නට ලැබූ බවත් සේවකයෝ ප්‍රකාශ කරති.
දෙහිවල එච්.එම්. ධර්මපාල

