දෙහිවල, දුම්රියපොළ අසලදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසය පැවසීය.
එම වෙඩි තැබීමට පැමිණි පැදිකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ජුලි 18 වනදා දෙහිවල දුම්රියපොළ අසලදී සිදු කළ මෙම වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකෙරුණි.