දෙහිවල සත්වෝද්‍යානයට ජනවාරි මාසයේ සිට දින හතලිහකදී ලැබුණු ටිකට්පත් ආදායම මිලියන පනස්දෙකක් බවත් නැරඹීමට පැමිණි නරඹන්නන් සංඛ්‍යාව එක්ලක්ෂ හැටදහසක් බවත් දෙහිවල සත්වෝද්‍යාන ගිණුම් වාර්ථා සඳහන්කර සිටී.
එමෙන්ම 2023 වර්ෂයේ පැමිණි නරඹන්නන් සංඛ්‍යාව මිලියන එකයි දශම තුනක් වන අතර ලැබු ආදායම රුපියල් මිලියන 341 ක් බවද වාර්තා වී ඇත.
සත්වෝද්‍යාන දෙපාර්ථමේන්ත අධ්යක්ෂ මෙහෙයුම් එච්.ඒ අනෝමා ප්‍රියදර්ශනී මහත්මියගෙන් මේ පිළිබඳව විමසා සිටි අතර එම මහත්මය පැවසූයේ මේ වන විට දෙහිවල සත්වයෝද්‍යානයේ අධ්‍යාපනික දැනුවත් කිරීම් නරඹන්නන්ගේ සුව පහසුව වැඩි කිරීමත් සමඟ නරඹන්නන් පැමිණීම වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි.
උදෑසන 8.30න් ඇරඹෙන සත්වෝද්‍යාන වැඩ කටයුතු හවස හය දක්වා පැවැත්වෙන අතර අලි මිතුරු හමුව ශීබා සංදර්ශනය, සිංහ පැටියාගේ දෛනික ක්‍රියාකාරකම්, සහ සතුන්ට ආහාර ලබාදීමේ වැඩසටහන් සත්වෝද්‍යානයේ ක්‍රියාත්මකව පවතින බව එම මහත්මිය පැවසීය.
එමෙන්ම නරඹන්නන් අතින් ෆෙලිකන් කුරුල්ලන්ට මාළු ලබා දීම, ජිරාෆ්ට සහ අලි ඇතුන්ට ආහාර ලබාදීම සත්වෝද්‍යානට පැමිනෙන සතුන්ට සෙනෙහස දක්වන්න නරඹන්නන්ට නවමු අත්දැකීමක් වී ඇති බවද අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය පැවසීය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා.