අම්පාර, දෙහිඅත්තකණ්ඩිය සීමා සහිත විවිධ සේවා සමුපකාර සමිතියේ බලය සමගි ජන බලවේගය ප්රමුඛ පොදු විපක්ෂයට හිමිව තිබේ.
සභාපතිවරයා ඇතුළු නව අධ්යක්ෂ මණ්ඩලය තොරා පත්කර ගැනීමේ නිලවරණය ඊයේ (24දා) දෙහිඅත්තකණ්ඩිය සමුපකාර පරිශ්රයේ දී පැවැත්විණි.
සමාජිකයින් 72දෙනෙක් නිලවරණය සඳහා ඡන්දය ප්රකාශ කළ අතර එහිදී පොදු විපක්ෂයට ඡන්ද 46ක් ද, ජාතික ජන බලවේගයට ඡන්ද 23ක් ද හිමිවිය.