කුමන මැතිවරණයක් පැමිණත් ශ්රී ලංකා පොදුජන පෙරමුණ එයට සූදානම් බවත් දෙසැම්බර් මාසයට පෙරාතුව මැතිවරණයක් පවත්වයි කියා බලාපොරොත්තු වන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
“දේශපාලන කටයුතු සාර්ථකව කරගෙන යනවා. වෙන් වෙලා ඉන්න අය වෙලාවට එක්වෙයි. මැතිවරණය දෙසැම්බර් මාසේ වෙනකොට ඊට ඉස්සෙල්ලා තියයි. ඊට ඉස්සෙල්ලා මැතිවරණයක් එයි කියලයි බලාපොරොත්තුව.
මැතිවරණයක් එපැයි කියන දේශපාලඥයා කවුද? මොන මැතිවරණය තිබුණත් අපි ලෑස්තියි.”