දෙවියන්ගේ බඩු ඉස්සූ අයෙකු දැලේ
ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ ඇති කතරගම දේවාලයේ සහ පත්තිනි දේවාලයේ තැන්පත් කර තිබූ කතරගම දෙවියන්ගෙ පිත්තල පිළිම, දේවාභරණ ඇතුළු භාණ්ඩ සොරකම් කරනු ලැබූ බව කියන පුද්ගලයෙකු සහ තවත් අයෙකු ගාල්ල පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර් යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානය පුරාවිද්‍යා දෙපාර් තමේන්තුව යටතේ ඇති විහාරස්ථානයකි. එබැවින් මෙම පෞරාණික භාණ්ඩ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර් තමේන්තුව දැනුවත් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.
සොරා ගන්නා ලැබූ බැව් කියන කතරගම දෙවියන්ගේ පිත්තල පිලිමයක්, සරස්වතී හා විෂ්ණු දෙවියන්ගේ පිලිම, ත්‍රිශූලයක්, පා සලඹ පනස් දෙකක්, සීනු තිස් දෙකක්, කුඩා කුකුළු පහන් අටක් ද පොලීසිය මගින් මෙසේ සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්මීමන සහ පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකි. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු පූජාවලට පැමිණෙන මුවාවෙන් කච්චිවත්ත විහාරස්ථානයට පැමිණ සොරකම සැලසුම් කර අවස්ථා කිහිපයක දී මෙම සැකකරු විසින් මෙම භාණ්ඩ සොරකම් කර පානදුර ප්‍රදේශයේ අයෙකුට අලෙවි කර ඇත
පොලිසියේ කොට්ඨාස අපරාධ විමර් ශන කාර් යංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.






හිනිඳුම රවීන්ද්‍ර ශ්‍රීලාල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

