දෙවිනුවර පෙරහර නිසා ඇතිවන වාහන තදබදය අඩු කර ගැනීමට පොලිසියෙන් දැනුම් දීමක්
ගන්දර පොලිස් වසමේ පිහිටන දෙවි නුවර උත්පලවණ්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර 2026.07.29 වන දින මහා පෙරහර පැවැත්වීමෙන් පසු අවසන් වේ.
පෙරහරේ කාවඩි පෙරහර 2026.07.28 වන අද දින සහ රන්දෝලි පෙරහර 2026.07.29 වන දින පැවැත්වීමට නියමිත අතර සවස 04.00 සිට රාත්‍රී 09.00 දක්වා පෙරහර කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ ගමන් ගනු ඇත.
එම කාලය තුල ඇතිවන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය දැනුම් දෙයි.
විකල්ප මාර්ග :-• මාතර දෙස සිට තංගල්ල දෙසට ගමන් ගන්නා වාහන මැද්දවත්ත කාර්මික විද්‍යාලය අසලින් මාතර යටියන මාර්ගයට පැමිණ කැකනදුර හන්දියෙන් වේහැල්ල මාර්ගය ඔස්සේ දික්වැල්ල දක්වා ගමන් කල හැක.
• තංගල්ල දෙස සිට මාතර දෙසට ගමන් ගන්නා වාහන තලල්ල කාර්මික විද්‍යාලය අසලින් හැරී නාඔටුන්න මාර්ගය ඔස්සේ වියන්නරුව හන්දිය දක්වා ගමන් කර දික්වැල්ල වේහැල්ල මාර්ගය ඔස්සේ කැකනදුර හන්දියට පැමිණ කැකනදුර මාතර මාර්ගය ඔස්සේ මාතර දක්වා ගමන් කල හැක.
මෙම පෙරහැර නැරඹීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බැතිමතුන් විශාල පිරිසක් පැමිණීම අපේක්ෂා කරන බැවින් මහජනතාවගේ හා දේපල වල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හා බුද්ධි අංශ නිලධාරීන් යොදවා අවශ්‍ය පරිදි ආරක්ෂාව සැලසීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

