ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබා දෙන යුරියා පොහොරවලින් මෙට්‍රික් ටොන් 21,000ක් සහිත දෙවන නෞකාව මෙම සතිය තුළ කොළඹ වරායට ලඟාවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ලද යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් පළමු තොගය වශයෙන් ලැබුනු මෙට්‍රික් ටොන් 44,000 ක්ලැබුණි.
එම පොහොර තොගය හා දැනට යල කන්නය සදහා බෙදාහැර ඉතිරි වී ඇති යුරියා පොහොර තොග වී, බඩඉරිඟු, තේ හා අල වගාව සඳහා ද ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.
“ලබන මහ කන්නයේ දී වගාවට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීමට ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 90ක මුදලක් අපිට ලබා දීමට එකඟතාවය පළ කළා. ඒ යටතේ මහ කන්නය ආරම්භයේ දීම අවශ්‍ය යුරියා පොහොර ගොවීන්ට ලබා දීමට අපිට හැකියාවක් තිබෙනවා. ලබන මහ කන්නයෙන් පසු මේ රටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නෑ.
අපිට අවශ්‍ය සහල් ප්‍රමාණය අපේ රටේ ම නිපදවා ගත හැකියි. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් අපි ගොවි ජනතාවට ලබා දෙනවා” යැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.