දෙවැනි පාසල් වාරයේ ආරම්භය මැයි 11 දා
දෙවැනි පාසල් වාරය ලබන මැයි 11, සඳුදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මීට පෙර දෙවැනි පාසල් වාරය අප්‍රේල් මස 20, සඳුදා ඇරඹීමට නියමිතව තිබිණ.
කොරෝනා වෛරසය පැතිරයාමත් සමග එය පාලනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යමින් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම පිණිස මෙලෙස නැවත පාසල් ආරම්භ කරන දිනය දීර්ඝ කරන ලදී.
පාසල් නොපැවැත්වෙන කාලය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවනට සිය අධ්‍යාපනය කරගෙන යාම සඳහා දුරස්ථ පහසුකම් හැකි උපරිමයෙන් සැලසීමට රජය සැලසුම් කර ඇත.
විශ්වවිද්‍යාල ආරම්භ කරන දිනය වත්මන් තත්ත්වය සමාලෝචනය කොට විශ්වවිද්‍යාල බලධාරීන්ගේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ එකඟත්වය අනුව තීරණය කරන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
popular news
-
Nishan Sunday, 12 April 2020 05:51 AM
හිතා ගන්න බැරි දේ තමයි හැම නිවුස් එකටම ජනාධිපතිගේ පින්තූරේ දාන එක. ඔහුගේ ප්‍රතිරූපය පුම්බන වැඩපිළිවෙලකුත් යනවා කොරෝනා අස්සේ.
Reply : 0 0
සබැ ඇත්ත Sunday, 12 April 2020 08:17 AM
මාද්‍ය සංදර්ශන බන් මේවා. මුන් විද්‍යාත්මක ක්‍රම වේදයකට "කොරෝන" මර්දනය කරලත් ඉවරයි. මැයි 11 ඉස්කෝල පටන් ගන්නත් පලන් කරලා. අවුරුදු කල 19 වෙනිදා රට සාමාන්‍ය තත්වෙට පත් කරලා චන්දෙත් කරන්න. යන්නේ. කොරෝන නත්තට්රම නැතිකරපු නිසා 2/3 දෙන්න ඕනිනේ. අනේ මෙහෙමත් ජාතියක්. Singapore , Hongkong කොරෝන වලට වැඩ පටන් ගත්තේ මස ගානකට කලින්. ආසාදිතයන් අවම මට්ටමක පවත්වා ගන්න සමත් වෙලා දැනට. හැබැයි බොරු උදම් ඇඟිලි, පම්පෝරි, පුර ජෙරු, අනිත් රටවලට අපහස උපහාස නැහැ. උන් කොරෝන නැතිකළ දට පහුවද සාමාන්‍ය තත්වෙට. අපි කොරෝන ඉවරත් නැහැ, පම්පෝරි ලොරි පිටින්. ආර්ථිකේ වල පල්ලේ. වරෙන්නේ බද ගින්නෙන් හා මරාගෙන තම.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

