2021 වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂය 2022 දෙවන කාර්තුව සඳහා වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සෘණ සියයට 8.4ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.
ජන හා සංඛයා ලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2022 වසරේ දෙවන කාර්තුව සඳහා ශ්රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 5,374,716 කි.
සමස්ත කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා ක්රියාකාරකම් 2022 දෙවන කාර්තුවේදී පිළිවෙලින් සියයට 8.4කින්, සියයට 10.0කින් සහ සියයට 2.2කින් පහත වැටී ඇත.