දෙල්ගොඩ නාරංවල ප්‍රදේශයේ පාසැල් ශිෂ්‍යාවක් ඊයේ (05දා) සවස සිය නිවස තුළ ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව මීගහවත්ත පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ දෙල්ගොඩ නාරංවල කොස්ගහහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දහඅට හැවිරිදි පාසල් සිසුවියකි.
ඇය දොමිිපේ ප්‍රදේශයේ බාලිකා පාසලක උසස් පෙල පංතියේ අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයාවක් වන අතර පවුලේ වැඩිමහල් දරැවාද වේ.
ගෙල වැලලාගැනීමට පෙර ඇය විසින් ලිපියක් ලියා තබා ඇති බවත් ලිපියේ ඇති දෑ පැහැදිලි නොමැති බවත් පොලිසිය පවසයි.
නිවැසියන් කිසිවෙකුත් නිවසේ නොසිටි අවස්ථාවක නිවසේ ඉදිරිපස කාබරයක් තුළ මෙසේ ගෙල වැලලාගෙන ඇති බව පොලීසිය කියයි.
මෙිි පිළිබඳව මරණ පරීක්ෂණය බියගම හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය යු. එල්. එස්. හර්ෂජිත් ගුණසේකර මහතා විසින් පෙරේදා (05) පස්වරුවේම සිද්ධිය වූ ස්ථානයට පැමිණ මරණ පරීක්ෂණය පවත්වා මලසිරැර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා ගමිිපහ මහ රෝහලට යවන ලෙසට පොලිසියට නියෝග කළේය.
මෙිි අනුව පශ්චාත් මරණ පරීක්ෂණය අද (06) ගමිිපහ මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.