සීගිරිය පොලිස් වසමේ අවුඩංගාව ප්රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයක ගිලී දරුවෙකු දඹුල්ල රෝහලට ඇතුලත් කර ප්රථිකාර ලබමින් සිටියදී ඊයේ සවස් කාලයේ මියගොස් ඇති බවට ලද පණිවිඩයක් මත සීගිරිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 05 ක් වූ දළුගම, කැළණිය ප්රදේශයේ පදිංචි දරුවෙකි. මෙම දරුවා දෙමව්පියන් සමඟ පිහිනුම් තටාකයේ දියනාමින් සිටියදී මෙසේ අනතුරට පත්ව ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සීගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.