දෙමටගොඩ පාලම යට දමා ගොස් බිලිඳිය ජිවිතක්ෂයට පත්වෙලා
මාර්ගයේ ගමන් ගත් පුද්ගලයකු දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා වෙත ලබා දුන් තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ ඒ මහතා පොලිස් කාන්තාවක් සමග එම ස්ථානයට ගොස් සිදු කළ පරික්ෂාවේදී රෙදි කැබැල්ලක ඔතන ලද බිලිදිය දැක ඇත.
වහා ක්‍රියාත්මක වු ස්ථානාධිපතිවරයා බිළිඳියව ක්ෂණිකව කොළඹ රිජියේ ආර්යා ළමා රෝහල වෙත ඇතුල් කිරීමට පියවර ගෙන තිබූ අතර ඒ ඒ වන විටත් බිළිඳිය මිය ගොස් සිටි බවට වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර දැනුම් දුන් බව පොලිසිය කියයි.
හොඳින් ශරීරය වැඩි ඇති මෙම බිළිඳිය දිනකට හෝ දෙකකට පෙර ඉපදෙන්නට ඇති බවට සැක කරන බව පොලිසිය කියයි.
මෙම අපරාධය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පොලිස් නිල සුනඛ අංශය සහ විශේෂඥ සහාය ලබා ගැනීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි.
බිලිදු ගැහැණු දරුවාගේ මළ සිරුර මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර භාරකරුවෙකු සොයා ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

