කට සහ දෙඅත් පිටුපසට කර ගැට ගැසූ ඝාතනය කළ බවට සැක කරන නාඳුනන පිරිමි පුද්ගලයකුගේ මළසිරුරක් ඉංගිරිය රත්නපුර මාර්ගයේ නම්බපාන කැටකැරැල්ල පාලම ආසන්නයේ කැලෑ ප්‍රදේශයක දමා ගොස් තිබියදී අද (15දා) පෙරවරුවේ හමුවූ බව ඉංගිරිය පොලීසිය පවසයි.
පාලම ආසන්නයේ තැඹිලි වෙළඳාමේ යෙදෙන පුද්ගලයකු මළ සිරුර දැක පොලිසියට ලබා දුන් තොරතුරක් අනුව මළ සිරුර සොයාගෙන ඇත.
එම පුද්ගලයාගේ අත් දෙක දෙක බඳ පටියකින් සහ සුදු පාටට හුරු බැනියමකින් පිටුපසට කර ගැටගසා ඒ අතර සුදු පාටට හුරු රෙදි කඩකින් කට ගැට ගසා ඇති බවත් වයස අවුරුදු 40 සහ 50 හතර පසුවන පුද්ගලයකු බවට සිතිය හැකි බවත් පොලීසිය කියයි.
කිසියම් ප්‍රදේශයක දී ඝාතනය කර අද අලුයම් කාලයේ දී මෙම ස්ථානයට මළ සිරුර ගෙනත් දමන්නට ඇතැයි අවට ප්‍රදේශය පරික්ෂා කිරීමේදී සැක කළ හැකි යැයි පොලිසිය සැක කරයි.
දින කීපයකට ඉහතදී ද මෙම ස්ථාන යට ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් කීපයක් ද පොලිසියට හමු වී තිබේ.
බිමල් ශ්‍යාමන් / නිමාලි කහවල