දෘශ්‍යාබාධිත විස්සයි20 ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය ලංකාවට
පකිස්තානයේ පැවති 04 වන දෘශ්‍යාබාධිත විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම එම තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගෙන 12/05 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම තරගාවලිය ඉකුත් 11/23 දින සිට 12/03 දක්වා ලෝකයේ රටවල් 07 ක් නියෝජනය කළ දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම් වල සහභාගීත්වයෙන් පාකිස්තානයේ මුල්ටාන් නුවර පවත්වා තිබුණි .
තරගාවලියේ වීරයා ලෙස ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ දමිත් සදරුවන් ක්‍රීඩකයා නම් කර තිබූ අතර , මෙම තරගාවලියේ පැවති තරග තුනකදීම , අප ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් තිදෙනකු එම තරග වල වීරයා ( Man of the Match ) සම්මානය දිනා ගැනීමට ද සමත් වී තිබුණි .
ශ්‍රී ලංකා කණ්ඩායම 12/05 දින අලුයම 12.45 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් -549 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මොවුන් පිළිගැනීම සදහා මෙම ක්‍රීඩකයින්ගේ ඥාතීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියද , ඔවුන් වෙත පැවති මූල්‍ය දුෂ්කරතා නිසා , ඔවුන් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත ඇතුළු නොවී සිටියහ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

