දූෂිතයන් සහ නාස්ති කරුවන් වටකර ගනිමින් රටේ ආර්ථිකය ගොඩ ගන්න පදනමක් සකස් කර ගැනීම සඳහා මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට කිසිදු හැකියාවක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
මෙරට තිබෙන ප්රශ්නය ජනාධිපතිවරයා විසින් වලිගයෙන් අල්ලාගෙන සිටින බවත්, ඒ අනුව මෙරට ජනතාව ජනාධිපතිවරයාගෙන් පරිස්සම් විය යුතු බවත් අද (15දා) පාර්ලිමේන්තුවේ පැවති අයවැය දෙවනවර කියවීම පිළිබඳ විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
දූෂණය, වංචාව, නාස්තිය පිටු දකින්නේ කොහොමද කියලා එක වචනයක්වත් රනිල් වික්රමසිංහ ජනාධිපති, මුදල් ඇමතිවරයා මුලු අයවැයේම ඊයේ කතා කළේ නෑ. සමාජ ආරක්ෂණය ගැන ඔහුගේ අවධානය යොමු කළේ නෑ. සාධාරණය යුක්තිය ගැන ඔහු අවධාරණය කළේ නෑ. ඒත් ජනාධිපතිතුමා දූෂණයෙන් නාස්තියෙන් තොර රටක් බිහි කරනවා කියන්නේ ප්රමාදයක්, බොරුවක්, හීනයක් නෙවෙයි කියලා අපි ඍජුවම මෙතන ඔබතුමාට මතක් කරන්න කැමතියි.
කණගාටුයි කියන්න ජනාධිපතිතුමනි. ප්රශ්නය වලිගෙන් අල්ල ගත්තේ අපි නෙවෙයි. එහෙම අල්ල ගත්තේ ඔබතුමා. ඔබතුමාගෙන් තමයි රටේ මිනිස්සු පරිස්සම් වෙන්න ඕනී අපෙන් නෙවෙයි. මේ දුෂ්කර සංකීර්ණ ප්රශ්නයෙන් එළියට එන්න හැකියාවක් තිබෙනවා දූෂණය ආරක්ෂා කරන ගමන් කියලා ඔබ කියනකොට. ඒකයි ගැටලුව. දූෂිතයන් නාස්ති කරුවන් වටකරගෙන රටේ ආර්ථිකය ගොඩ ගන්න පදනමක් සකස් කරන්න ඔබට කිසිසේත්ම හැකියාවක් නැහැ ජනාධිපතිතුමා. ඇත්ත වශයෙන්ම අයවැය ප්රබන්ධයක්. මොකද එහෙම කියන්නේ ? විශ්ලේෂණයක් නැති ප්රතිපත්ති මාලාවක් පමණයි මෙතන තියෙන්නේ.