දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා නොව රටේ දුෂණය නැති කිරීමට බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
එසේම දුෂණයට විරුද්ධ සියලු දෙනාගේ සහාය ඒ සඳහා අපේක්ෂා කරන බවද අද (30දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව දුෂණ විරෝධී පනත් කෙටුම්පත ඇතුළු ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශයේදී මෙම මාධ්‍ය හමුව හමුව පැවැතියේය.
රට තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මෙන්ම දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කරනු ලබන දුෂණ වංචා වැළැක්වීම සදහා දැනට පවතින අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම් සභාව විසින් කිසිදු සාධනීය පියවරක් ගෙන නොමැති බවත්, එම කොමිෂන් සභාවේ කටයුතු අසාර්ථක වීම හේතුවෙන් හා 2004 වසරේ දී ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද එක්සත් ජාතීන්ගේ දුෂණ විරෝධි ප්රඥප්තියට අනුව යමින් නව දුෂණ විරෝධි පනත් කෙටුම්පත සකස් කර ඇති බවත්, එය සම්මත කිරීමට සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවත්, අමාත්‍යවරයා සදහන් කළේය.
නව අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් ලෙස විශ්‍රාම ගිය නිලධාරීන් පත් කිරීම සිදු නොකරන අතර, ඒ සදහා දැනට රාජ්‍ය සේවයේ සිටින නිලධාරීන්ට හා සුදුසුකම් ඇති ස්වේච්ඡා සේවකයින්ට අවස්ථාව පවතින බව ද අමාත්‍යවරයා පැවසීය.
වත්කම් හා බැරකම් ඉදිරිපත් කළ පමණින් ඒ පිළිබදව සොයා බලා කටයුතු කිරීමේ නිසි ක්‍රමවේදයක් නොපැවති බවත්, නව දුෂණ විරෝධි පනත් කෙටුම්පත හදුන්වාදීමත් සමග වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීම වෙනුවෙන් දැනට පවතින පනත අහෝසි වන අතර, ජනාධිපතිවරයා , මහ කෙමසාරිස්වරුන් , තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් හා කෙමිෂන් සභා සාමාජිකයින් ද වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව ද අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේය.
ඇතැම් පිරිස් විසින් චෝදනා කරන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය පරිදි නව දුෂණ විරෝධි පනත ඉදිරිපත් නොකළ බවත්, එම පනත මේ රටේ ජනතාවගේ අභිවෘද්ධිය සදහා අවශ්‍යම කරුණක් බවත්, විනිදවිද භාවයෙන් යුතු අය වැය කාර්යාලයක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ස්ථාපිත කිරීම ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ තාක්ෂණික කරුණු කිහිපයක් නව දුෂණ විරෝධි පනතට ඇතුළත් කර ඇති බවත්, ලබන මැයි මාසය තුළ එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මාධ්‍යෙව්දියෙකු යොමු කරන ලද ප්‍රශ්නයක් සදහා පිළිතුරු ලබා දුන් අධිකරණ අමාත්‍යවරයා පැවසීය.
නව දුෂණ විරෝධි පනත තුළින් දුෂණ වංචාව සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ හැකියාව පවතින අතර, නව අල්ලස් කොමිෂමේ කටයුතු අධීක්ෂණය කිරීමේ බලතල පාර්ලිමේන්තුවට පවතින බවද අමාත්‍යවරයා සදහන් කළේය.
රට තුළ අල්ලස හා දුෂණය සම්බන්ධව දැනට පවතින තත්වය හේතුවෙන් ආයෝජකයින් ආයෝජනය කිරීමට බියක් දක්වන අතර, සිංගප්පුරුව දියුණු රටක් බවට පත්වීමට ප්රනධාන හේතුව වුයේ අල්ලස හා දුෂණය තුරන් කිරීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා සදහන් කළේ ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු වීම සම්බන්ධව කිසිදු වරදක් නොමැති බවයි.