දූෂණ විරෝධී පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය
සාකච්ඡා කිරීමෙන් අනතුරුව දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතට රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය.
ඒ, රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (30) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.
මෙහිදී 2003 අංක 09 දරන දූෂණ විරෝධී පනත ක්රියාත්මක කිරීමේදී මතුව ඇති ප්රායෝගික ගැටළු, පනතේ සිංහල සහ ඉංග්රීසි පිටපත් අතර පවතින විෂමතා, වත්කම් හා බැරකම් ප්රකාශ ඉදිරිපත් කිරීමේ විද්යුත් ක්රමවේදය සහ ඒ සඳහා මහජන ප්රවේශය පිළිබඳව සාකච්ඡා විය.
තවද, පනත කාර්යක්ෂමව ක්රියාත්මක කිරීම සඳහා පවතින තාක්ෂණික හා පරිපාලන ගැටළු විසඳීම ඇතුළු කරුණු පිළිබඳවද සාකච්ඡා කිරීමෙන් අනතුරුව දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කාරක සභාවේ අනුමතිය ලැබිණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
